රැයක් උපද්දාraeyak upadhdhaa

Rayak Upadda

Lyrics

රැයක් උපද්දා හිරු ඈත්ව යන්නා
අළුත් හැඟුම් දී හෙට ආයෙත් නැගෙන්නා//

අමා වෑහෙනා සඳේ රෑ වුණා
උතුරා රස මීවිතේ
පිරුණා අද ජීවිතේ

රැයක් උපද්දා...

සරා ගී මුතු කියා පෑ යුතු
පෙරළා රැළි සාගරේ
ලිව්වා මගෙ ආදරේ

රැයක් උපද්දා...

ගලා ආ රැළී ඇදීලා යළි
වෙරළේ ලියු ආදරේ
පිසදා ඇත සාගරේ

රැයක් උපද්දා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.