රැය පහන් කළා ( ප්‍රියාදරියේ )raeya pahan kalaa ( priyaadhariyee )

Raya Pahan Kala ( Priyadariye )

Lyrics

රැය පහන් කළා ඔබ ගැන සිතමින් 
මා හද උමතුවෙන් 
නීල නුවන් දකිනාතුරු ඔබගේ 
මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට 
අප සිත් එක්වේවී
අපේ ආදරේ උණුසුම ලබමින්
ඒ සිත් සැරසේවි

පුංචි සන්ධියේ සෙල්ලම් කල හැටි
 තවමත් මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ 
ඇවිදපු හැටි මට මතකයි
යෞවනියක වී ඔබ මා අත ගෙන
මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට 
මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා ප්‍රියාදරියේ

රැය පහන් කලා .....
මා සුන්දර සිහිනයක් .....///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.