රවටන්නට මේ තරම් කල වරද මෙමාrawatannata mee tharam kala waradha memaa

Rawatannata Me Tharam

Lyrics

රවටන්නට මේ තරම් කල වරද මෙමා
නික්මෙන්නට පෙර එක සැරයක් කියන් ලං වෙලා
ඉකි ගසා හැඩුවත් කදුලු සල සලා
එක් වෙන්නට බැ රත්තරනේ කල පවක් නිසා

හඩවාලා දුරට ගියාට තරහා නෑ හිතේ
හැමතිස්සෙම මතකෙට එනවා පෙර උන්නා වගේ
දුක දුන්නට මේ තරම් හදවතට මගේ
ඔබ සතුටින් ඉන්න සැමදා පෙර උන්නා වගේ

රවටන්නට මේ තරම්.......

හිත පාරයි තව සැරයක් මගදි හමුවෙලා
යලි දුටුවොත් නොදැක්ක සේ යන්න නික්මෙලා
තරහක් නම් නෑ කවදාවත් මැනික ඔබ කෙරේ
යලි දුටුවොත් දරාගන්න බෑ හදවතට මගේ

රවටන්නට මේ තරම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.