රාවණා රජු මා රුව දැකලාraawanaa raju maa ruwa dhaekalaa

Rawana Raju Ma Ruwa

Lyrics

රාවණා රජු මා රුව දැකලා
ආවට නැ සිත ආලය ගෙවිලා 
ජීවිතේ හැමදාමත් එනවා 
රාම කුමරුණේ මේ ඔබේ සීතා...//

රාවණ පුරයේ සිවුරඟ සේනා 
යුධ ගිනි අවුලන්නයි කඳවුරැ බැඳලා//
මියයන තුරු මා ඔබ පා සෙවණේ 
ඔබගෙන් මිදිලා නෑ වෙනතක යන්නේ

රාවණා රජු ....

අබරණ පළඳා රජ සැප පල නෑ
මේ වන අරණේ හෝ ඔබ ලඟ සැමදා
පතිකුල කුමරී අතහැර නොයමී
ඔබගේ නාමෙන් මා පතිදම් රකිමී

රාවණා රජු .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.