රැව් නැගී අහසේraew naegii ahasee

Rau Nagee Ahase

Music:
රූකාන්ත ගුණතිලකruukaantha gunathilaka
Lyrics:
රූකාන්ත ගුණතිලකruukaantha gunathilaka

Lyrics

දිස්නෙ දෙන්නම් වී සිතේ රන් මාලේ
සෝ සුසුම් මැකිලා යන්න පෙර කාලේ
මල් වවා දෙන්නම් සිතුම් විල පීදේ
ඉන්නකං ඉන්නම් සෙවණැල්ල වාගේ
සුන්දරයි මන නන්දනයි හද ආලේ
බැන්ද ප්‍රේමේ මා ඔබටමයි කීවේ

රැව් නැගී අහසේ
මා කිවු ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ
ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා ආදරේ

නිල් උදාවක් රන් සැඳෑවක් ගානේ
මල් හිනාවක් පෙම් කතාවක් වාගේ
නෙත් පුරා හද ආදරේ රස වෑහේ
ඉන්නකං ඉන්නම් පවනැල්ල වාගේ
සුන්දරයි මන නන්දනයි හද ආලේ
බැන්ද ප්‍රේමේ මා ඔබටමයි කීවේ

රැව් නැගී අහසේ
මා කිවු ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ
ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා ආදරේ

ආදරේ මහ සාගරේ දිය වාගේ
ආකහේ තරුමල් දිලිසුනා රෑනේ
මේ තරම් අප ප්‍රේමයෙන් වෙලුනා සේ
එක්ව යමු දෙන්නා ජීවිතේ දෑලේ

රැව් නැගී අහසේ
මා කිවු ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ
ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.