රතු රෝස මල් යායේrathu roosa mal yaayee

Rathu Rosa Mal Yaye

Lyrics

රතු රෝස මල් යායේ
මුදු සීත පිණි වෑහේ
ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී
කඳුළැල් ලෙසින් මුදු සීත පිණි වෑහේ

ගංගෝ සිඳී වියැලී
පිපි මල් සැලී මැලවී
සඳ තාරකා නොනැහී නිදා
තනිවී හිඳී අඳුරේ

රතු රෝස මල් යායේ .../

බොඳ සීත සඳ එළියේ
සැමරුම් ලෙසින් පාවී
ඔබගේ කතා සිහිනෙන් අසා
දෙනුවන් හිඳී නොනිදා

රතු රෝස මල් යායේ .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.