රතු පාට මල්rathu paata mal

Rathu Pata Mal

Lyrics

රතු පාට මල් මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණු
මල් පවන මට තාම මතකයි...

සුදු පාට මල් ගවුම කඩදාසි සිලි සිලිය
වැහිදාට තෙත බරිත වීදෝ
හුණුකූරු ගෙවිලා සිතියම් පොතේහි
ඇදුනේම බලි රූප නේදෝ...

ගඳපාන ගැට පේර නෑ දැන් හැදෙන්නේ
හැමදාම දැන්නම් අවාරේ
මගේ පන්තියේ උන් මා දැන් කොහේදෝ
මොනවා වුණා දැයි නොතේරේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.