රතු මල් ඔසරියrathu mal osariya

Rathu Mal Osariya

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha

Lyrics

(රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ
කේන්ති ඇයි ඔතරම්
ඒ මල් ඔසරිය පොඩි දුව රහසින්
ඇඳගෙන හරි මනරම්)..//

මල් පොකුරක් පොඩි දෑතින් අරගෙන
දුටුවද ඈ අර හිනැහෙන ලස්සන
සෙල්ලම් ගෙයි මනමාලි වගේ 
දුටුවද ඈ අර හිනැහෙන ලස්සන 
සෙල්ලම් ගෙයි මනමාලි අගේ

රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ....

මතු යම් දිනයක දුව තරුණියකව
තරුණෙකු සමඟින් සරණව යන දින
ඇගෙ හැඩ රුව මා සිතට නැගේ
අපි දෙන්නා හට දිය උගුරක්වත්
දෙන්නේ හෙට ඇය නොවෙද ලොවේ

රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.