රතු ලේ දහරා දෝරේ ගලාrathu lee dhaharaa dhooree galaa

Rathu Le Dahara

Lyrics

රතු ලේ දහරා දෝරේ ගලා
ගිය සාමේ බැමි පුපුරා බිඳිලා
මේ සංගීතෙන් හද සුවපත් වේ
හිංසාවෙන් ලෝ කවුදෝ දිනුවේ...//

වියරුව ගිනි ගෙන දැවෙන හදේ
සාමේ කඳුළින් පිසිනු මැනේ..//
සෙනෙහස සැමටම පුද දේවා
නිවි නිවි හදවත් සැනහේවා..//

රතු ලේ දහරා දෝරේ ගලා
ගිය සාමේ බැමි පුපුරා බිඳිලා 
මේ සංගීතෙන් හද සුවපත් වේ 
හිංසාවෙන් ලෝ කවුදෝ දිනුවේ 
රතු ලේ දහරා දෝරේ ගලා..

මහ පොළොවට උරුමය කියනා
අප එයටම වැළලී යනවා..//
රියන් සතරනේ හිමි වන්නේ 
නිමාව එතනයි ජීවිතයේ..//

රතු ලේ දහරා දෝරේ ගලා 
ගිය සාමේ බැමි පුපුරා බිඳිලා 
මේ සංගීතෙන් හද සුවපත් වේ 
හිංසාවෙන් ලෝ කවුදෝ දිනුවේ
රතු ලේ දහරා දෝරේ ගලා..

මායිම් සීමා බැඳ ගන්නේ 
බිම් අඟලටදෝ උරණ වුණේ..//
මව්පිය සොයුරන් පිල් බෙදුණේ 
සාමය සමගිය කෝ කොතැනේ..//

රතු ලේ දහරා දෝරේ ගලා 
ගිය සාමේ බැමි පුපුරා බිඳිලා 
මේ සංගීතෙන් හද සුවපත් වේ 
හිංසාවෙන් ලෝ කවුදෝ දිනුවේ..// 
රතුලේ දහරා දෝරේ ගලා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.