Lyrics
සොයා යන්නේ එළිය අඳුරක
කියා දෙන්නේ රහස දිවියක
සිනාසෙන්නේ සොවින් හිත යට
නොයා ඉන්නේ නුඹව අතහැර
රත්තරනේ නුඹ මගේ පණ නිසා
සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා....
තව ටික දවසයි ඇත්තේ
නුඹ හැර යන්නට සිත් සේ
නුඹයි මගේ හිත මත්තේ
මටත් හොරා හිත පත්ලේ.....
දරා ගන්නේ රහස අඳුරක
සිතා උන්නේ තනිව හිත යට
රසය දුන්නේ ඔබට දිවියක
සිතේ ඉන්නේ ඔබය පහසට.....
රත්තරනේ නුඹ මගේ පණ නිසා
සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා....
තව ටික දවසයි ඇත්තේ
නුඹ හැර යන්නට සිත් සේ
නුඹයි මගේ හිත මත්තේ
මටත් හොරා හිත පත්ලේ.....
රත්තරනේ නුඹ මගේ පණ නිසා
සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා....