රත්තරනේraththaranee

Raththarane

Music:
සදීප්ත ගුණවර්ධනsadhiiptha gunawardhhana
Lyrics:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

Lyrics

රත්තරනේ මේ දෙවුරු තලාවේ 
ඉඩ තිබේ ඔබේ හීන ගඟට ළඟ මාගේ 
රත්තරනේ එහි ඉවුරු තලාවේ 
ඉඩ තිබේ ඔබේ රෝස බඳට සැපට සැපේ 

සරාගී සිතාරේ දෙතොලේ තුෂාරෙන් 
තෙත් කොට මත් වී ඉමි නවත්තන්නේ නෑනේ 
ඔබගෙන් පුරාගත් මේ පෙම් දෝරාවෙන් 
ජිවත් වෙන්න ලඳේ ඔබවයි මට ඕනේ 

රත්තරනේ මේ....

වැරදිලා වත් රිදවන්නෑ සත්තයි ඉතින් නම්  
රිදුනෝතින් සිප සනසා හිස පිරිමදින්නම් 
පෙම් ගී අනුසාරයෙන් තොදොල් වදන් කියාලා 
රඟපාලා නළවන්නම් හසරැල් පනිනකන් 

සරාගී සිතාරේ....
රත්තරනේ මේ....

හැරිලාවත් බැලෙන්නෙ නෑ වෙන ඇස් දිහා මං 
අත් පටලන් යන අතරේ ඔබෙ හිත කැඩෙයි නං 
දිවුරමි ශෘංගාරියේ පවරා මගෙ පරානේ 
දුක මකලා සනසන්නම් මගෙ පණ තියෙනකන්

සරාගී සිතාරේ....
රත්තරනේ මේ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.