රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකාraththaran pem puraanee sithuwam makaa

Raththaran Pem Puarane

Lyrics

රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
යන්න මගේ අන්ධ නෙත් තාම නොපෙනේ ලදේ
මට ඔබේ කුරිරු පිටුපැම නොපෙනෙන්න නම්
දිලිදු මේ අන්ධ නෙත් වාසනාවන් ලදේ //

ලොවක හිරු එලිය සද පහන දැක ගන්න හෝ
උරුම පින් මහිම නැති මා වගේ අන්ධයෝ
කිමද නෙතු දිලෙන අගනුන්ට බැන්දේ සෙනේ
ඔබ නොවේ ලදුනි මා අතිනි වරදක් වුනේ
උන්නු ඒ යුගය අවසන්ද මගෙ ලොව බිදි

තේජ අසමාන බලදාරි දෙවියන් පවා
දෑස නැති උන් රකින්නෙද සැනසුම් දෙවා
දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ
ලදුනි ආදරය අප හටද නැතිදෝ අනේ

ලොව පෙනී ඔබද ලොව අදුරු මට පෙම් බැදී
උන්නු ඒ යුගය අවසන්ද මගේ ලොව බිඳී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.