රාතිය සිර ගෙයක්raathiya sira geyak

Rathriya Sira Geyak

Lyrics

රාතිය සිර ගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක්
ප්‍රේමයේ වරද කල පරාජිත පෙම්වතුනි
නුඹලාට රාතිය සිරගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක් //

නින්ද විඳි කෙනෙක් නම් ඔබ
දැකිය යුතුම වේ සිහිනයක්
ආදරය කලා නම් පහන් කල යුතුය
නිදි නැති රැයක්

හදවතක් තිබුනි නම්
තිබිය යුතුවේ ඔබට ප්‍රේමයක්
ප්‍රේමයක් තිබුනු තැන සැඟව නැති
සදාතන ශෝකයක්

රාතිය සිර ගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක් 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.