රාත්‍රිය මනරම් කියාraathriya manaram kiyaa

Rathriya Manaram

Lyrics

රාත් ‍රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා..
මාත් මගෙ හිත හදාගන්නම් නුඹත් මා ළඟ නැති නිසා..//

මගේ කවියක පද ගයා..
දෑස් දෙකොනේ තිත තියා..
නුඹත් රෑ නිදි වරාගෙන ඇති මාත් නුඹ ළඟ නැති නිසා..

රාත් ‍රිය මනරම් කියා..

හිරු සඳුත් හමුවෙන්නැතී..
එකම අහසේ පායනා..
ඉතින් දුක්වෙන්නේ කිමද අපි දිනක් එයි අප හමුවනා..

රාත් ‍රිය මනරම් කියා..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.