Lyrics
රාත් රිය මම වෙමි ය
සුදු සුමුදු මල් කැකුළ
පිනිබරව හෙට උදෑසන පිපෙන
මල් කැකුළ
ගනඳුරේ සැඟව ඇති
ශාන් තිය හා නින්ද
ඔබට පුද දී දෙනත
පියා හිඳිනෙමි සොඳුර
මලක් වී හෙට උදේ
ඔබ පිපෙන සුබ මොහොත
කලක් සිට මම බලාගෙන
හිඳිමි පිය කැකුළ
වසන්තය සේ පැමිණ
හොරෙන් යම් කිසි දිනෙක
ඔබේ පෙති අතර පිනි
බිඳක් වී සැඟවෙමි ය
රාත් රිය මම වෙමි ය.....
ඔබ එළිය වූ මොහොත
මම අඳුර වෙමි සොඳුර
ඔබ ජලය වූ සඳෙහි
මම පවස වෙමි නිබඳ
දිග ම දිග රාත් රිය
සෙමෙන් පියවර මනිත
ඵලක් වී නෙත් හරින
ඒ ප් රභාතය ඔබය
රාත් රිය මම වෙමි ය....