රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවදින් හද පුරවා - rathnapurayen gena aarathnapuren gena aa saman mal suwadhin hadha purawaa - rathnapurayen gena aa

රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවදින් හද පුරවා - rathnapurayen gena aa

Lyrics

රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවදින් හද පුරවා 
කළා වැවේ සුදු නෙලුම් නෙලාගෙන දෝත පුරා 
රුහුණුපුරෙන් නෙළලා කෑල මල් සුවඳ කොකුම් තවරා 
අලිමංකඩ තොටමුණට වෙලා අපි 
බලා ඉදිනවා...නාගදීපයේ දොරගුලු හැරෙන තුරා 

ජයසිරි මා බෝ හාමුදුරුවනේ මහපෙලහරක් මවා 
දෙව්න්දරින් යාපාපටුනට එකම බතක් ඉදෙනා දිනක් 
අපට උදා කල මැනවි යළිත්

පන්සල පල්ලිය කෝවිල පාමුල 
ගුගුරා යන වෙඩි හඬ අතරේ 
පුපුරා යන්නේ මිනිස්කමයි 

මිහිදන් වූ එක ලේබිදුවක වත් 
ලියවී තිබුනද ජාතියේ නමක් 
අනාත කඳවුරු දොරළඟ පරවෙන 
කැකුලු මලක් විමසා බලන් 
උන් ඉල්ලන්නේ රටින් අඩක් නොව 
ජීවත් වන්නට හෙට දවසක් 

රත්නපුරෙන්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.