Lyrics
(රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි...///)
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියයි
ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘ භූමියයි මාතෘ භූමියයි
(මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී...//)
ඇත්තෙ ඒ අභීත දූ පුතුන්
(ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ...//)
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
(සින්දූපමාන වැව්තලා මතින් ඇදී...//)
පද්ම රේණුයෙන් සුගන්ධ වී
(රන්කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා...//)
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි
(ගංගා තරංග රාවදී රිදී වණින්...//)
මල් පිපී කුලින් කුළේ හැපී
(ගායනා කරන්නේ ආකාශයේ නැඟී...//)
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි
රත්නදීප ජන්මභූමි....