රටකින් එහා (Remake)ratakin ehaa (remake)

Ratakin Eha (Remake)

Album
Mage Semarum Pothe

Lyrics

(රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ළඳේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ.....//)

නා දළු දෙතොල් හසරැළි මත වෙලී
ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වු ඒ අප ආදරේ
කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ......

අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේ දී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණි වහා.....

රටකින් එහා ඉගිලී…...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.