රටා තියලාrataa thiyalaa

Rataa Thiyala

Lyrics

රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ
අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ
තාමත් හැඩිවෙලා මගේ හිත වැළපේ //

නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා
අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා
තුරුනු හිතට තනිකම ගැන දුක හිතුණා

රටා තියලා...

පණ තර්මට පෙම් කළ උඹ කෝ කියලා
අසයි සරදමට මිනිසුන් ඉඳහිටලා
අපේ මතක රැදවුණු තැන් අතහැරලා
යන්න හිතෙනවා මට ගම රට දාලා

රටා තියලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.