රට වෙනුවෙන්rata wenuwen

Rata Wenuwen

Music:
ආනන්ද වෛද්‍යසේකරaanandha waidhyaseekara
Lyrics:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

Lyrics

රට වෙනුවෙන් මල් මාල ගොතන්නට
පේළි සැදීලා එනු මිතුරේ
විරුවන්ගේ ගෙල ඉන් සරසන්නට
පේළි සැදීලා එනු මිතුරේ...

අද ගැලවී යන මල් මාලා
හෙට ඔබ ගෙල වට ඇත රැඳිලා...

රට වෙනුවෙන් සැමරුම් කොත් නගනට
පේළි සැදීලා එනු මිතුරේ
විරුවන්ගේ රුව එහි සරසන්නට
පේළි සැදීලා එනු මිතුරේ...

අද ඉදි වී යන කොත් ශාලා
හෙට ඔබ වෙනුවෙන් ඇත සැදීලා...

රට වෙනුවෙන් සැමරුම් රැස්වීමට
පේළි සැදීලා එනු මිතුරේ
විරුවන්ගේ ගුණ ගී කියවන්නට
පේළි සැදීලා එනු මිතුරේ...

අද රැස් වී එන රැලි මාළිගා
හෙට ඔබ ගුණ ගී ඇත ගයලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.