රැස් විහිදෙන සමනලියකගෙන්raes wihidhena samanaliyakagen

Ras Wihidena Samanaliyakagen

Lyrics

රැස් විහිදෙන සමනලියකගෙන්
ඉගියක් ලැබුනාම
රැක ගන්නම් දුර අවකාශේ
ඉගිලී යන දාට
පාවී ගොස් උඩු යටිකුරු වී
නෙත් තෙමුනාම
දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
මහමෙර සේම

සියැසින් දුටු සිහිනයකින්
රහසක් ගෙන එන්නම්
හැබැහින් විද ගන්න
රහසින් ගෑ මුදු සුවදින්
හුස්මක් පුරවන්නම්
ළමැදේ බිහි වෙන්න

සුසුමින් හුන්මිටි තබමින්
තනියෙන් ඉන්නවනම්
ඉන්නම් දුක ගන්න
ගලනා දා බිදු පිසිමින්
වත්සුනු තවරන්නම්
ඉරණම පෙරලන්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.