රැප් හීනraep hiina

Rap Heena

Lyrics

තලා පෙලලා පොඩි කරලා 
වට්ටන්න හැදුවත් හරස් වෙලා 
මම මගේ ගමනේ මගේ පාරේමයි 
කලකට පෙර දැක්ක හීනෙට මන් දැන් ලඟයි...
කෙනෙකුට හීන නම් ගොඩයි 
එත් ඒකෙන් ඉටු වෙන්නේ නම් ටිකයි.
කකුලෙන් ඇද්ද එවුන් අද  එතනමයි 
අන්තිමට මට මම විතරමයි...
පොඩි කාලේ ඉඳන් දැක්කේ හීන 
මට බලන්න ඕනේ මගේ අම්මගේ හිනාව...

කට්ටියක් හිනාවෙයි කට්ටියක් අඬයි
ඒත් මට ලොකු අඬන මිනිහගේ හිනාව
ඒ මගේ හීනයයි... මගේ හීන එන්නේ 
කෝටි ගණන් සල්ලි එක්කමයි
හිත ඇත්නනම් පත කුඩාද
සල්ලි තිබ්බ නම් හීන ළඟ පාත
වරෙන් කියපන් කියපන් කරපන්...
රැප් සෙල්ලම දරුණුයි හිත කියන දේම 
අහපන් හිත කියන දේම කරපන්...
ලෝකෙට හොරා දෛවය විකුණපන්
මගේ හීන ඉටු වුනු දවසට 
හීන නැති එකා තියන සක්කිලි කමට
ළඟපාත වත් නොඉඳ දිනපු 
හීනේටත් අයිතිවාසිකම් කියයි.....

මවු සෙනෙහෙ මත නෙතු කඳුළු අග
කළු හීන මැද මගේ  රිදුනු හිත
ඉරිතැලුණු කය නෙතු වසන බිය
රැප් අකුරු මත මම විඳින දුක...
(රැප් හීනෙක පැටලිලා පැටලිලා......//)

රැප් හීන අමුතුයි මගේ හීන දරුණුයි
හීන වැඩි වුනු තරමට උකස් උනේ 
මගේ අම්මගේ වලලුයි
දන්න සිංහලෙන් ගෙතුවේ රැප් කටු කම්බියි
මගේ පද රචනය බිහිසුණුය 
පොඩි කාලේ  ඉදන් හීනෙන් මිමිනුවෙත් රැප්ය.....
 
අනූවේ ඉස්කෝලෙදි ලිව්වේ රැප්ය
මම යකෙක් මගේ තැන හරි දරුණුය
රැප් වපුරුවයි පලදරයි දළු දාපු 
ජීවිතේට දැන් හතුරෝ ගොඩයි
මගේ වචන ගොඩයි අත දෙන්න 
හිටියේ නම් වටේට හතර පහයි
උඩරට මුළු හදින්ම හිනාව තිබුනත් යට ගින්දර...
පැදුරෙන් කුටියට කුටියෙන් මැදුරට 
අවුලක් නෑ මචන් ආයේ වැටුනත් පැදුරට  
හීනත් වික්කා යාලුවොත් වික්කා
වචනත් වික්කා ජීවිතේම වික්කා
මටත් හොරෙන් මගේ අදහස් 
කුණු කොල්ලෙට විකිණුනා...
හිතේ තියන රූප ලියන්නට 
ඉඩත් මදි වගේ මගේ රැප් හීන පොතේ... 
ඉරිසියාව විතරක් ඇයි මට 
පිටු පෙරලනකොට මගේ රැප් හීන පොතේ......

මවු සෙනෙහෙ මත........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.