රන්වන් සළුපිලි ඇඳලාranwan salupili aendalaa

Ranwan Salupili Andala

Lyrics

රන්වන් සළුපිලි ඇඳලා 
ඔබේ ලස්සන දිලිසෙනවා 
පෝරුව මත අද නැගිලා 
ඔබ මගේ මනාලි වෙනවා
රන්වන් මුදුවක් පළඳා අපි 
අතිනත එක් වෙනවා 
මල් මෙන් සුවඳයි සැමදා 
අපේ සෙනෙහස සේ දිලෙනවා...

වාසනා මට දීලා ජිවිතේ පුබුදාලා 
ආදරෙන් සනසාලා ඉන්න සුර දෝණි 
වාසනා සලසන්නම් ආදරෙන් ළඟ ඉන්නම් 
ජිවිතේ මගේ දෙන්නම් මාගේ හිමි සඳුනේ...

මං කෙරේ දුක දීලා මාගේ ලෝකෙන් වෙන්වීලා 
මා පැතුම් බිඳ දාලා යන්නෙපා රැජිණේ 
ඒ පොරොන්දුව වෙන්නම් වෙන් නොවී ළඟ ඉන්නම් 
මා ලොවේ මිය යන්නේ ඒ ඔබේ ගාවයි...

රන්වන් සළුපිලි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.