රන්මැලිසෑයranmaelisaeya

RanmaliSeya

Music:
මනෝරි උග්ගලගේmanoori uggalagee
Lyrics:
කිරිභ සුමංගල හිමිkiribha sumangala himi

Lyrics

රන්මැලිසෑය විය දිවි අඹරට නැගෙන 
සුදොවුන් පියා විය සක්විති මග තනන 
සමනළ පව්ව විය දුක සැප සමව දරන 
පිය මහ රජුනි අපගේ පැලේ රජ කරන...

අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ 
සිවුමහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ 
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ 
බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ...

බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා 
පැල ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා 
තුසිතෙක ඉසුරු පැලවට සිවුකොණ තබලා 
ලොව්තුරු සුව විඳි අප රජවනු දැකලා.../// 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.