රඟාrangaa

Rangaa

Music:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala
Lyrics:
ගිහාන් චාමිකgihaan chaamika

Lyrics

(රඟා ගරු රඟහල පුරා 
ගියා තුරු අතරින් පියඹා  
මනෝ උද්‍යාන දිගේ 
නෙලූ මල් හීන විලේ 
හෙලූ පෙම් බැලුම් දැලේ සඳ සාදේ)...//

නෙක විසිතුරු යෞවනේ 
තනි හැඟුමක් දැනේ 
හිත පොපියන සෙනෙහසේ 
සරා සඳ කොහේ 
දෙකොපුල් මත වැදී 
රතු ලවනක නිදනා 
කවදා හෝ හිමිකාරී 
මල්වර වියඟයි  

රඟා ගරු රඟහල පුරා 
ගියා තුරු අතරින් පියඹා  
මනෝ උද්‍යාන දිගේ 
නෙලූ මල් හීන විලේ 
හෙලූ පෙම් බැලුම් දැලේ සඳ සාදේ

දුක ඉවසන හදවතේ 
මුදු දෙබසක් ඇසේ 
සැක නොකරමි ආදරේ 
මහා බර හිතේ 
නිල් ඇසකින් තෙමී 
අතිනත බැඳ විඳිනා 
තව නොදුටූ මනමාලී 
දඟ කල හිත හදයි 

රඟා ගරු රඟහල පුරා 
ගියා තුරු අතරින් පියඹා  
මනෝ උද්‍යාන දිගේ 
නෙලූ මල් හීන විලේ 
හෙලූ පෙම් බැලුම් දැලේ සඳ සාදේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.