රෑනේ ඉගිලෙන්න ඕනේraenee igilenna oonee

Rane Igilenna One

Lyrics

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවි මේ ගං තෙරේ //

පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පිපි මල් නොතලා පිණිලැල් අතුරා
සේයා මැවෙනා උදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ...

පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
දියරැල් අතරේ හැඟුමන් කිමිදේ
මේ ගී ගයනා හදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.