රණ්ඩු වෙවී යාළු වෙවීrandu wewii yaalu wewii

Randu Wewi Yalu Wewi

Lyrics

රණ්ඩු වෙවී යාළු වෙවී
දුව පැන වතු මිදුලේ
පුංචි කමට අපි හිටියා
මතක් වෙනවා නගේ

පුංචි අතෙන් අල්ලාගෙන
ඒ දණ්ඩෙන් නැගී
ලන්ද පුරා කල සක්මන්
මතකයි අයියණ්ඩී

නැවුම් ළිදෙන් දිය නාගෙන
නුඹ ගෙට ආ දවසේ
පැතුම් ගොඩක් නුහුරු බරක්
ඇතිවිය හද පතුලේ

අතට වළලු කණට තෝඩු
නොපැතු දුගී ළයේ
සාගිනි නිවු බත් කටකට
සෙනේ සඳක් තැවේ

රණ්ඩු වෙවී යාළු වෙවී...

අද ලොකු ගැහැණියක වෙලා
දීග ගියත් නගේ
මගේ හුස්ම යනතුරු මට
උඹ පුංචියි නගේ

නෙතේ නැගෙන කඳුළු බිදක්
වියලෙන්නට නොදී
දෙපා නැමද සමුගන්නෙමි
මගේ සුදු අයියණ්ඩී

රණ්ඩු වෙවී යාළු වෙවී...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.