රණ්ඩු කෙක්ක මංrandu kekka man

Randu Kekka Man

Lyrics

ගෙදර එක්ක තරහ වෙලා ඇස් දෙක රතු කරලා
නොදොඩා කේන්තියෙන් මං
දැක්ක ගමන් ඔක්කොමලා ළගදී විහිළු කළා
කියලා රණ්ඩු කෙක්ක මං 
අක්ක තමයි නම දැම්මේ රණ්ඩු කෙක්ක මං
අක්ක තමයි නම දැම්මේ රණ්ඩු කෙක්ක මං 

අමනාපේ වැඩි උනාම ඔය වගේ කියයි 
ඉවසන්නට බැරි තැන මට පාරකුත් ගසයි
තුරුලට ගෙන හුරතල් කර ආයෙ යාළු වෙයි
හැමදාමත් අක්කට මං හරිම ආදරෙයි 
හැමදාමත් අක්කට මං හරිම ආදරෙයි 
අක්ක තමයි නම දැම්මේ රණ්ඩු කෙක්ක මං 
අක්ක තමයි නම දැම්මේ රණ්ඩු කෙක්ක මං 

අවවාදේ මට දීලා රව රවා බලයි
කවදාවත් ඔයත් එක්ක තරහ නෑ කියයි
මගෙ පොඩි සමනලියෙ කියා ආයෙ යාළු වෙයි
හැමදාමත් අක්කට මං හරිම ආදරෙයි 
හැමදාමත් අක්කට මං හරිම ආදරෙයි 

ගෙදර එක්ක තරහ වෙලා ඇස් දෙක රතු කරලා 
නොදොඩා කේන්තියෙන් මං 
දැක්ක ගමන් ඔක්කොමලා ළගදී විහිළු කළා
කියලා රණ්ඩු කෙක්ක මං 
අක්ක තමයි නම දැම්මේ රණ්ඩු කෙක්ක මං 
අක්ක තමයි නම දැම්මේ රණ්ඩු කෙක්ක මං
අක්ක තමයි නම දැම්මේ රණ්ඩු කෙක්ක මං
අක්ක තමයි නම දැම්මේ රණ්ඩු කෙක්ක මං

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.