Lyrics
ඉස්මතු වෙන්නේ ඔයා ගැනයි
තාම හිත පතුලේ
විස්තර හෙව්වේ පුරුද්දටයි
ඒක වරද මගේ
සම්බන්දේ අපි අතරේ නැතුවත් යලි ඇරඹෙන්නේ
අමතක වෙන්නැති අතීතේ මට විතරද වද දෙන්නේ
රණ්ඩු කෙක්ක මාත් එක්ක
හේතු හොය හොය පැටලිච්ච
කාලෙ රැක්ක පෙමත් එක්ක
හීන අඬනව පැරදිච්ච
හැමදාමත් මහ රෑ - මා ඇහැරූ ඇමතුමක්
ඒ කාලේ ලැබුණා - හිත පුරවා සැනසුමක්
නොහිතූ තැනක තියා - හැමදේටම නැවතුමක්
ඔබ ඇයි ගියේ කියා - තව මට නෑ තේරුමක්
යන්නට හිතුන නිසා - නැති වරදක් පැවරුවත්
ඔය හිත රවට්ටනා - එක වෙන්නෑ පහසුවක්
කිව්වට නෙවෙයි කියා - මා ඔබගේ කවුරුවත්
දන්නෝ දනී ඉතින් - එය නම් මහ රැවටුමක්