රණඹර ඉඳු දුනුranambara indu dhunu

Ranabara Indu Dunu

Lyrics

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා 
වසන්තේ උදාවුණා //

රන් බඳ රන් කුඹු රන් සළු වෙලා
චන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා..

ඇගෙ ළැම රන් ගිරි දෙයද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.