රනඹර ඉඳු දුනු සිතුවම් වෙලාranambara indu dhunu sithuwam welaa

Ranabara Idu Dunu Sithuwam

Lyrics

රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්⁣ වෙලා
වසන්තේ උදාවුණා.... වසන්තේ.. උදාවුණා...//

රන් බඳ රන් කුඹු රන්සලු එලා
චන්දන අංජන දෙනෙතේ උලා
ඕ...රන් බඳ රන් කුඹු රන්සලු එලා
චන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ සෙලවෙන කිංකිණි නූ පුර මාවෙත ඈ එනවා.

රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා.
බිඟු වැල් මල් කෙමි මත මත්⁣ වෙලා...
වසන්තේ උදාවුණා.... වසන්තේ.. උදාවුණා...//

ඇගේ ලැම රන් ගිරි දෙඅද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
ඇගේ ලැම රන් ගිරි දෙඅද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන මා⁣වෙත ඈ එනවා

රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා.
බිඟු වැල් මල් කෙමි මත මත්⁣ වෙලා...
වසන්තේ උදාවුණා.... වසන්තේ.. උදාවුණා...//

වසන්තේ උදාවුණා.... වසන්තේ.. උදාවුණා...//
වසන්තේ උදාවුණා.... වසන්තේ.. උදාවුණා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.