Lyrics
රණ හංස යුවල නිමල නිල් ජලාශේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනෙ
රතු රෝස මලක් ළයට ළං වුනා
පෙමින් බැදුණු සිතින් දකිනා
ඒ සිහින මහද මියුරු කල්පනා
රණ හංස යුවල නිමල නිල් ජලාශේ ...
ගල් ලෙන්හි සැගවූ කුමාරි
මුදවන්න තුරගුන් අරා
ආවා සේ කුමරෙක් පුරාණේ
කුමරා මගෙ එන්නෙදෝ
ඔහු ආදරෙයි මා ආදරෙයි
මුලු ජීවිතේ
රණ හංස යුවල නිමල නිල් ජලාශේ...//
සංසාර සංචාරයේ දී
උන්නාලු ඔහු මා ළගින්
දොරගුල් දමා හැංගුවත් මා
සගවන්න බෑ පෙම් හැගුම්
අප ප්රේමයේ සංග්රාමයේන් ජය ගන්නවා
රණ හංස යුවල නිමල නිල් ජලාශේ
මන නන්දනීය දසුන් නංවනා
සිහින යහනේ දකින සිහිනෙ
රතු රෝස මලක් ළයට ළං උනා
පෙමින් බැදුණු සිතින් දකිනා
ඒ මහද මියුරු කල්පනා...
රණ හංස යුවල නිමල නිල් ජලාශේ