Lyrics
රන් වැට සේ මා//
මහ බෝ සමිඳුට රන් වැට සේ මා
රන් කොත සේ මා//
මහ සෑ මුදුනට රන් කොත සේ මා
අම්මා නිවන් දකින් අම්මා...
දා කරඬුව දැරූ දළ ඇතු සේ මා//
කොඩි සේසත් යට මහ රජු සේ මා//
අම්මා නිවන් දකින් අම්මා...
මල්බර පොළොවට ලා හිරු සේ මා//
ඝන අඳුරට පුන්සඳ සේ මා//
අම්මා නිවන් දකින් අම්මා...