Lyrics
රන්වන් වත බබලන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද් රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ
සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ
මා එතනයි ජීවත් වී ඉන්නේ
ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ
මා පමණයි ඒ බැව් දැන ඉන්නේ