රන්වන් මල්දම් සොද ගොතා මා අතින්ranwan maldham sodha gothaa maa athin

Ran Wan Mal Dam

Lyrics

රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්... //

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
යහනක සතපවම් සිහින දකිමින්
මියැදෙමි සඳක නුඹ පතමි ස්නේහෙන් 

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.