රන් තරු පුන්සඳran tharu punsanda

Ran Tharu Punsanda

Lyrics

රන් තරු පුන්සඳ ගිලුනාදෝ
පෙම් ලොව මේ ඝන දුරැවීදෝ
රන් අත්තටු පෙළ සිඳුනාදෝ
රන් කූඩුව අමතක වීදෝ
රන් තරු පුන්සඳ ගිලුනාදෝ…

(සත්සර වීණාවේ බිඳුනා
ගී රස ගංගාවේ සිඳුනා...//)
ජීවිත යහනේ මේ මධු සිහිනේ
(දුක් පණිවිඩයයි කීවේ...//)

රන් තරු පුන්සඳ...

(චණ්ඩ සුළං හැමුවා වේගේ
බැන්ද විමන් කිදුනා රැල්ලේ...//)
ආදර රුවලයි ජීවන ඔරුවයි
(මේ බොර දියඹේ ගිලුනේ...//)
මේ බොර දියඹේ ගිලුනේ

රන් තරු පුන්සඳ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.