රන් සමනලයෝ පුංචි කැකුලියෝran samanalayoo punchi kaekuliyoo

Ran Samanalayo Punchi Kakuliyo

Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැගිලා //
මීදුම් සළුවේ තුරුමල් උයනේ
කොහි යන්නේ පියඹා //

ලද මනමාල හිතේ
ගී නොවෙදෝ ගැයුවේ
ආදරයේ සුවඳේ
තව නොසිටීද ලොවේ
ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ

පෙම්බර ආල හිතේ
ගී නොවෙදෝ ගැයුවේ
මොල කැටි බාල වියේ
ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුනාදෝ
යෞවනයෙන් මත් වීදෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.