රන් පොට තෙළඹුවran pota thelambuwa

Ran Pota Thelambuwa

Lyrics

රන්පොට තෙළඹව මැණිකෙට වරම් ලැබුණ දා
අරංගලේ දී මැණිකෙට වරම් ලැබුණ දා

මලේ යන්න බැරි මැණිකේ රේණු තැලෙනවා
දොලේ යන්න බැරි මැණිකේ දොල බොර වෙනවා
ගලේ යන්න බැරි මැණිකේ පතුල රිදෙනවා
කවි කියන්න බැරි මැණිකේ උගුර රිදෙනවා

හිරුට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු පොරවනවා
ගසට මුවාවෙන් ඉඳගෙන මල් පළදිනවා
අපට මුවාවෙන් ඉඳගෙන බුලත් බෙදනවා

බත් රස දන්නෝ- වෙල හඳුනන්නෝ
කවි රස දන්නෝ - කිවි හඳුනන්නෝ
කිරි රස දන්නෝ - මව හඳුනන්නෝ
 මෙ තුන නොදන්නෝ - මොකට උපන්නෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.