රන් පොකුණෙන් දිය නාගෙනran pokunen dhiya naagena

Ran Pokunen Diya Nagena

Lyrics

(රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ....//)

(නීල වරල පිට මැදට හෙලන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ....//)
ආල වඩන ගමනකි ඇය යන්නේ....

මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ
ඕ... මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ
රකුසෙකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන නුරා රැඟුම් පෑවේ
නුරා රැඟුම් පෑවේ....

(රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ...///)
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ....

නීල වරල පිට මැදට හෙලන්නේ
(ආල වඩන ගමනකි ඇය යන්නේ....//)

(කුමරු සිටිද්දි මලට මුවා වී කුමටද වෙහෙසෙන්නේ...//)
බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති සුවඳට රැවටෙන්නේ
සුවඳට රැවටෙන්නේ......

(රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ....//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.