රන් පාටින් පෙනියි දිලීලාran paatin peniyi dhiliilaa

Ran Patin Penei Dileela

Lyrics

රන් පාටින් පෙනියි දිලීලා
නිල් යායේ කරල් පැසීලා
සංතෝසේ හිතේ පිරේයා
ගම්මානේ අගේ දැනේයා

පියඹයි රෑන ගිරා ගම් මැද්දෙන් ගීත ගයා
ගැමිලිය නාරි ලතා ගමනින් යයි පාද තබා
මන බදිනා දසුන් මනා ආනන්දය සිතට ගෙනා
සොදුරු සොබා නෙතු රදනා මේ ගම්බද සිරිය තමා

අදහාගන්නට බෑ කෙතරම් සුන්දරද කියා
දුවලා යන්නට හිතෙයි ඇල දොල වෙල ලන්ද පුරා
සුන්දර තාලේ ගෙනෙයි අපේ කමද නැනෙන නිසා
යන්නට ඕන ගමට ගමේ තියෙන සුවද සොයා

රන් පාටින් පෙනියි දිලීලා ....

කන්දට ඈත එහා මිහිදුම් සළු පාව ගියා
ඈත ආකාසෙ පුරා දේදුන්නක් පාට වෙලා
දුහුල් මනා පිස හමනා සීත ගතට සිතට ගෙනා
ගම සැමදා සිහින ගෙනා ආදර රජදහන තමා

ගම්බද තාලෙ දනෙනවා
හිත තුල ආයෙ වඩනවා
ගැමිකම තාම තියෙනවා
දුටු විට ආසා හිතෙනවා

රන් පාටින් පෙනියි දිලීලා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.