Lyrics
රන් මොණරුන් රඟ දෙනු දුටුවා...
නිල දිය මත මහනෙල් දුටුවා...
මල් උයනේ බඹරුන් දුටුවා...
ඔබේ දෑසේ සැනසුම දුටුවා...//
කන්ද උඩින් සඳ පායාලා...
එන්න වගේ දැන් රෑ වෙලා...
ඉන්න සිනහවෙන් සැරසීලා...
යන්නේ කෙසේ දැන් වෙන්වීලා...
රන් මොණරුන් රඟ දෙනු දුටුවා.../
මගේ හදවත තුල ඇත පැතිරී...
ඔබ ගැන සිතුවිලි යයි ඉතිරි...
ජීවිතේහි මිණි කැට මතුවී...
සැමදා ඉමි මම ඔබ සතුවී...
රන් මොණරුන් රඟ දෙනු දුටුවා.../