රන් මීවිත පුරවාran miiwitha purawaa

Ran Meewitha Purawa

Music:
මර්වින් පෙරේරාmarwin pereeraa
Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

(රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළදේ...//)

(තිසරුන් පිරී වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ...//)
සිසිලේ වෙලී පවනේ ඇදී
පණ මෙන් බැඳී මා හා රැඳී...

රන් මීවිත පුරවා සුරතේ හොවා...

(කඳුලේ වෙලී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ...//)
සඳ කැන් රිදී තෙරපී රැඳී
පැන යා නොහී වැතිරී හිඳී...

රන් මීවිත පුරවා සුරතේ හොවා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.