රන් මසු නැහැ කියාran masu naehae kiyaa

Ran Masu Na Kiya

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
කේ.ඩී.කේ. ධර්මවර්ධනkee.dii.kee. dhharmawardhhana

Lyrics

(රන් මසු නැහැ කියා
මා දිළිදුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා...//)

(මැදුරේ දොරගුළු ලූ නියා
අඳුරේ මා තනි වූ නියා...//)
මට සිහිවෙනවා මේ දැන් වාගේ
නෑ මා.... හැඬුවේ එදා

රන් මසු නැහැ කියා
මා දිළිදුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා 

(බැලුවේ ඔබ අද මා දිහා
පට පිළි දවටා ආ නිසා...//)
ඇයි පෙර වාගේ මා තනි නොකලේ
කිමදෝ..... හඬනු ඔයා

(රන් මසු නැහැ කියා
මා දිළිදුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.