රන් මලක් ලෙස ගෙන පුදන්නටran malak lesa gena pudhannata

Ran Malak Lesa Gena Pudannata

Lyrics

රන් මලක් ලෙස ගෙන පුදන්නට....
නුඹේ හද හිමි නැති දිනේ.....
තවත් මා ළඟ රැඳී ඉන්නට.....
වරම් නොපතන් කුමරියේ.....

අසම්මතයේ පෙම් කතාවක.....
රෑ ලෙසින් අප හමුවුණේ...
ළං නොවන්නට දහස් බැමි ඇත...
නුඹ නොදන්නා මගේ ලොවේ....

සෙනෙහේ සිත නෑ වෙනස් වූයේ
ඔබට පෙර දින මා පිදූ.....
නමුත් ඒ දින ගොඩනගන්නට
මදිය පෙරුමන් අප පිරූ.....
දුක සතුට ළඟ නිති රැඳෙන්නට
වරම් යදිනා සොඳුරියේ.....
ඇගේ පහසින් නිමල සෙනෙහස
ලබන බව කිවයුතු නොවේ....

අසම්මතයේ මල් වියලී ඇති
මගේ හද බැඳි මිහිරියේ.....
නුඹේ සිත තව වංක වෙයි නම්
දනී හොඳටම සිත නුඹේ......
අසම්මතයේ පිවිසි සෙනෙහස
අසම්මතයට නොම රැඳී......
සැබෑ ලොව වෙත සැබෑ විලසට
ඉක්මනින් පිවිසෙමු අපි.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.