රන් කෙන් දෙන් බැඳran ken dhen baenda

Ran Kenden Banda

Lyrics

(රන් කෙන් දෙන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනෙන් බැඳ 
සිතුම් වසඟ කළ ආදරයයි....//)

කිරිලිය සේ දුර පියාසලාලා
අත්තටු රිදුණා පමණයි
දෑල විදාහළ දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ
කළුවර ඇයි විජිතයම මගේ.....

රන් කෙන්දෙන්.....

කණාටු සුළඟේ දුහුල් මලකි අද 
වල්මත් වී පාවෙන්නේ
(ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ...///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.