Lyrics
රන් ගුවනේ රන් හිරුරදුන් මෙන්
මගේ පියාණනේ මගේ පියාණනේ//
රන් දෙරණේ සහනය සදා දුන්
සුදු පියාණනේ සුදු පියාණනේ//
ඔබේ සිරුරේ ලේ බිඳු දහදිය බිඳු වී
ගලා ගියේ ලොව දිවා රෑ//
දුක වෙහෙස දැරූ සැප සතුට හුරු//
බුදු පියාණනේ බුදු පියාණනේ//
දූ පුතුනගේ යහපත පවුලේ හිත සුව වෙනුවෙන්
ඔබේ දිවි කැප කෙරුවේ//
සිප් සතර පුදා යහමඟ පුබුදා//
මගේ පියාණනේ මගේ පියාණනේ//
දෙව් ලෝකයේ අධිපති සක් දෙවිඳුන් සේ
අප නිවසේ ඔබ වැඩ සිටියේ//
සිතු පතු සැමදේ ජයබිම සැදු වේ//
බුදු පියාණනේ බුදු පියාණනේ//
රන් ගුවනේ...