රම්බරි කියපන් උඹෙ නොම්බරේrambari kiyapan umbe nombaree

Rambari

Lyrics

ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ ඩබ්

රම්බරි කියපන් උඹෙ නොම්බරේ
තන්දුරි කමුද නොදා බරබරේ
වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ
ජම්බෝලේ වගෙ ඉන්න සුන්දරා
සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා
දංගොල්ලෙ මාම ඇවිත් මහ කුණා
ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
පාන් බාගෙ කපල ගන්න
ප්ලේන්ටි වක්කරල ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
එළිවෙනකම් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

කන්ණඩි දැම්මත් නෑ හැඩවැඩේ
කවුද මේක බාරගන්නෙ අන්තිමේ
ලොරි බාගේ මට දුන්නත් හුටපටේ
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ
හුම්මානෙන් වතුර බොමුද සෝබනා
හඳපානේ විරිදු කියමු රන්ජනා
ලොරි බාගෙන් රවුමක් යමු රෑ වෙලා
මරදානෙන් පරාට කමු ලංවෙලා

රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන දාබන රුක්මන්
රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා...

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකුසිරා
ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා
එහා ගෙදර මැගි අක්කට හරි හිනා
මට නම් නෑ දිරවන්නේ ඔය කතා
මුරලි දැම්ම හොඳට දුස්රා අඹරලා
සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
ජොන් සීනා කාල හොඳට පෙරේදා
එත් වහලෙ හිලෙන් වතුර ගැලුව රෑ පුරා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.