රැලි ඇවිත් වැව් දියට වැවේ සැගවී ගියාraeli aewith waew dhiyata waewee saegawii giyaa

Rali Awith Waw Diyata Wawe Sangawi Giya

Music:
H M ජයවර්ධනh m jayawardhhana
Lyrics:
අතුල අයදේවathula ayadheewa

Lyrics

රැලි ඇවිත් වැව් දියට වැවේ සැගවී ගියා
සඳ ඇවිත් ගඟ දියට දිය වී ගියා
මල ඇවිත් නටු අගට වැලෙන් ගැලිහී ගියා 
නුඹ ඇවිත් මගෙ කුසට මටත් නොකියා ගියා

මගේ අත දවසකට කල වැඩක් දැඩි උනා
මගෙ පය දවසකට ගිය දුරත් වැඩි උනා
මගේ හිත නුඹ ගැනම කල කතා වැඩි උනා
පෙරලෙන්න මගෙ කුසේ නුඹට ඉඩ මදි උනා

මහ රැයට තරු ඇවිත් මා එක්ක හඬනවා
මගේ හිස අත ගගා මගෙ තිනය මකනවා
සිහිනයෙන් නුඹ ඇවිත් මට කතා කරනවා
මාත් අම්මා  කෙනෙක් කියා මට හිතෙනවා

රැලි ඇවිත් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.