Lyrics
රජ ඉසුරු නැත නැත මිණි කිරුළු
ඇත මෙම හිම ගිර දෙන්නෙමි සියළු
පට දුහුලින් වැසු සියුමැලි සිරුරු
ගොතලා මල් පෙති වසමි යස පිරු
මිණි මුතු අබරණ පැලඳි මේ වරල
සරසාලමි ගෙන වන සැවුලන් පිල
මනමේට සෙනෙහස ඉවත දමාදෝ
වනයේ වැදි රජ කෙනෙකු පතාදෝ…
දිරියෙන් යුධ කල ඔබ දුටු වේලේ
මොහොතින් සිත මා පිරුණයි ආලේ
වනයේ නෙක බිය පහව යමින්නේ
චංචල වූ සිත සැනසුම වින්ඳේ
නැතිමුත් රජකම ඔබමයි පතන්නේ
ඇත මට හිමගිර ඔබ සමගින්නේ…
සනසයි මා සිත ඔබ කී වදනා
නුදුරින් වේ මා හිම ගිරි භවනා
රකුසෙකු සේ මා ගත ගොර හැඬි වේ
විලස මෙසේ මුත් සිත නොම දැඩි වේ
සැමියා මැරුමට මසිත නුදුන්නේ
ඔහු රුදු මරුමුව වැටුනෙ විහින්නේ…
මනමේ රජු ඔබ ගෙල සිඳලන්ටා
කඩුව ඉල්ලූ සඳ ඔහු වලකන්ටා
කල තැත දුටුවද ඔබ ගලවන්ටා
සිතුනෙ කඩුව ඔබ අතටම දෙන්ටා…//