Lyrics
රහත් හිමිවරුන් උඩින් වඩිනවා
වී පැදුරට හෙවනැල්ල වැටෙනවා
සිරිමහ බෝපත් බුදු බණ ලියැවී
පාවී යනවා වැව් සුළඟේ මා
(කහ මල් පොකුරු වගේ...
රන් මැලි සෑ රදුනේ...//)
Rap
දෑස වසාගත්තා මං
මනසින් හොයන්න නිමාවක්
මාර සේනා වලකනකාං
ඇත්ත හොයාගෙන යනවා
මිසිදෙටුවෙකු වෙයිද මං
මිසිදෙටුවෙකු නෙමෙ මං
ඇත්ත මට වැටහෙනකාං
ඇත්ත හොයාගෙන යමි මං
බුදුන් දැක නිවන් දකින්න මේ සසරින්
දැක්ක පමණින් යන්නෙ කෙසේද නිවන් සැණෙකින්
සැප රථෙන් ඇවිත් අතහැරීම ගැන
දෙසුවෙ බණ අපෙ සාදු නිවං දුර නිසාද
මම ලෙඩ ඇඳේ මරණෙ ඉන්නෙ ගන්න බලං
අම්මේ අඩන්නෙ ඇයි මේ පිලිමෙට වැදං
අඹපු රෑපෙට දැනේද අම්මගෙ හිතේ දුක
දුකෙ හේතුව අපිව ඉපදුව එක නේද
සෙත් පතා මා අත බැන්ද පිරිත් නූල
දුටුව මස්කඩේ මුදලාලි අතේද
ප්‍රාණගාතෙ පවුනං
මරැවෙක් ඇයි නූලක් බැදං
ආරක්ෂා වෙන්න ඕනෙ ප්‍රාණේ ඒ මරැවගෙන් නේද
හිතෙ කහටක් නැත්තං කාටවත් ගිනි දෙන් නැත්තං
ඉන්නකං හොදින්නං ඇයි මං යන්නේ පන්සල් ගන්න සිල්
ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙමද
මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්නයි ඕන
මහා විහාරේ මහ සඟ රුවනේ
මුවින් නැගේ බුදු ගුණ වරුණාවේ
තව කප් දහසක් අප හට පිහිටයි
දොරින් දොරට පිඬු සිඟා වඩිනු මැන
(කහ මල් පොකුරු වගේ...
රන් මැලි සෑ රදුනේ...//)